සජිත්, දිලිත්, නාමල් විපක්ෂයේ එකට වැඩ කරන සූදානමක්!

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ, රවී කරුණානායක, රවුෆ් හකීම්, එස් ශ්‍රී ධරන්, ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරුන් ඇතුලු විපක්ෂයේ පක්ෂ නායකයින් හමුවිය.

සාකච්ඡාවේ අරමුණවී තිබුණේ, ඉදිරියේ දී පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව එකට එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමයි.

ඒ තුළින් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා තිබේ.

මෙහිදී සියලු පක්ෂ නායකයින් පාර්ලිමේන්තුවේ කමිටු කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කළ බව සඳහන්.

පසුගිය ජනවාරි 29 වැනිදා ද විපක්ෂයේ පක්ෂ සියල්ලගේම නායකයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙය එම සාකච්ඡාවේ දිගුවක් බව විපක්ෂ නායක කාර්යාලය සදහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *