සජින් වාස් ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ලබන මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.​තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ රුපියල් මිලියන 243.8කට අධික වත්කම් නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම රිමාන්ඩ් නියෝගය පනවා තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,042

Leave A Reply

Your email address will not be published. Required fields are marked *