සමගි ජන බලවේගය මාධ්‍ය හමුව.

රටේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. මෙම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සහභාගි වුණා..

@ ආණ්ඩුවේ සමහරු මාධ්‍ය සමග ආරවුලක් ඇති කරගෙන.
@ රටේ මාධ්‍ය සම්බන්ධව ක්‍රියා කලාපය අනතුරුදායකයි.
@ පුවත්පත්වල , ටීවී චැනල්වල නම් ප්‍රකාශ කිරීම සුදුසු නෑ.
@ මාධ්‍ය ප්‍රකාශය ඉවසිය යුතුයි එයට බුද්ධිමත්ව මැදිහත් විය යුතුය.
@ තමන් කැමති විදිහටම මාධ්‍ය ප්‍රවෘත්ති දාන්හ නෑ.
@ මෙම තත්ත්වය නරක තැනකට යමින් තියෙන්නේ.
@ ආර්ථික සම්බන්ධයෙන් විවාදයේදී මුදල් රාජ්‍ය මැතිතුමාගේ ප්‍රකාශය රජය ප්‍රතිපත්ති වලට ගැලපෙන්නේ නෑ.
@ මේ අය සල්ලිංග මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නේ
@ මේ ඇමතිවරු ඉන්නේ රනිල්ගේ ප්‍රොජෙක්ට් එකේ.
@ ආණ්ඩුවේ ආර්ථික කණ්ඩායම රට විශාල අර්බුදයකට තල්ලු කරනවා.
@ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ලෙස ජාතික වැඩසටහනක් හදලා තියෙනවා.
@ සංකල්පීය මය වශයෙන් පදනමක් තිබෙනවා.
@ නමුත් ගැටලු සහගත තැන් විශාල ප්‍රමාණයක් තිබෙනවා.
@ හොඳ පිටකවරයක් දැම්මට වැඩක් නෑ පොතේ තියෙන දේවල් හරියට තියෙන්න ඕනේ. මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලටද එතුමා එහිදී පිළිතුර ලබා දුන්නා.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *