හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැඳවා තිබේ. ඒ අනුව හෙට, එනම් සඳුදා (12) පෙරවරු 10:00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස තමන්ට දැනුම් දී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.මෙම කැඳවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ජනතාව විසින් පත්කර ගත් රජයේ වර්තමාන ස්වභාවය පිළිබඳව තමන් මහජනතාවට කරුණු පැහැදිලි කිරීමට කැමති බවත්, වත්මන් රජය මේ වන විට “බූල් රූකඩ” ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත්ය.


























