ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ට ඉවුම් පිහුම් පන්තියක්..
පොල් නැතුව කෑම හදාගන්න හැටි කියලා දෙන්න ඕනේ. රූපවාහිනි වැඩසටහනක් කරනවනම් මම නිවේදකයා වෙනවා..
‘‘බහලුම් 323 ක් කිසිදු සොයා බැලිමකින් තොරව මුදා හැරිම සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම පිළිතුරක් ලබාදිය යුතුයි. ආණ්ඩුව ප්‍රකාශ කරනවා එහි වගකිම භාර ගන්නවා කියලා. වගකිම භාර ගෙන ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන එක හොද දෙයක්. නමුත් ඒ බහලුම් 323 ගෙන්වපු පුද්ගලයා කවුද , ඒවායේ තිබෙන භාණ්ඩ පිළිබඳව , ඒ බහලුම්වල වටිනාකම පිළිබඳව රටට හෙළි කරන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. කෙසේ නමුත් එම බහලුම් ගෙනා ව්‍යාපාරිකයන්ගේ පුද්ගලිකත්වයට හානියක් සිදුවන නිසා හෙළි කරන්න නොහැකි බව ආණ්ඩුව කියන්න පුලුවන්. නමුත් ඒ බහලුම් ගෙන ආ පුද්ගලයන් හෝ ආයතන නිත්‍යානුකූල ව්‍යාපාරයක නියැලෙනවා නම් ඒවා ප්‍රසිද්ධ කළාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ.
ඒ වගේම බහලුම් තදබදය තවත් ත්‍රීව්‍ර කරනා මේ බහලුම් 323 කුමන්ත්‍රණකාරි ලෙස වරායෙන් පිට කළාදැයි කියන සාධාරණ සැකය අපිට මතුවෙලා තිබෙනවා. ආණ්ඩුව විපක්ෂයේ සිටින කාලයේ මෙවැනි සිද්ධින් සිදුවුණාව පැවැති ආණ්ඩුව වලට අභියෝග එල්ල කළා. ඒ නිසා තමයි රටේ ජනතාට ජාතික ජනබලවේගයට බලය ලබාදුන්නේ. ඒ නිසා විපක්ෂය ලෙස සමගි ජන බලවේගයටත් අයිතියක් තිබෙනවා ආණ්ඩුවට අභියෝග එල්ල කරන්න. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් කතා කරන වෘත්තිය සමිති නායකයින් බය කරන වැඩ නැවැත්විය යුතුයි. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් කතා කරන මධ්‍යයට තර්ජන එල්ල කිරිම නතර කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විමසිල්ලෙන් සිටිනවා.
ඒ වගේම බහලුම් 323 ක් සම්බන්ධයෙන් අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බව රේගු නිලධාරින්ද ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් පෙනී සිටින රේගු නිලධාරින්ට යම් යම් බලපැම් එල්ල වන බවට අපිට තොරතුරු ලැබිලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි සමගි ජනබලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දිලා තිබෙනවා. විපක්ෂ නායකතුමා සහ සමගි ජනබලවේගය ඒ රේගු නිලධාරින් වෙනුවෙන් පෙනී සිටිනවා. නිලධාරින්ව බය කරන ව්‍යාපෘතිය වහාම නතර කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම ආණ්ඩුව ප්‍රකාශ කළේ ඔවුන් තරම් සුචරිතවත් පිරිසක් රටේ නෑ කියලා. එවැනි පිරිසක් ආණ්ඩුවේ සිටිනවානම් මෙවැනි දේවල් සිදු වෙන්න බෑ. අනුර දිසානායක ජනාධිපතිවරයාට රට ක්ලින් කිරිමේ හොද චේතනාවක් තිබෙනවා. නමුත් ජනාධිපතිවරයාට ඒ දෙය ඉටු කරන්න පිරිසක් ඉඩ ලබා දෙන්නේ නෑ. යහපාලන ආණ්ඩුවෙත් එවැනි පිරිසක් සිටියා. ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ල නොකර මේ කුමන්ත්‍රණය පිළිබඳව රටට හෙළි කරන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. බහලුම් 323 ක් සම්බන්ධයෙන් ලැයිස්තුව විපක්ෂය මැදිහත්වෙලා සොයාගන්න පෙර මහජනතාවට ඒ ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්නැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම ලාල් කාන්ත ඇමැතිවරයා රිලව් පොල් කන බව හොයා ගත්තා. අනුර දිසානායක මහත්තයා සොයා ගත්තා බල්ලන්න පුසන් බත් කනවා කියලා. චතුරංග නියෝජ්‍ය ඇමැතිවරයා හොයා ගත්තා මිනිස්සු සම්බෝල කනවා කියලා. මේ ආකාරයට ජනතාව අවඥාවට ලක් නොකරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම බත් සහ සම්බෝල කියන්නේ වමේ සංකේතයක්. ධනවාදි මිනිස්සු සම්බොල කන්නේ නෑ. ඔවුන් කන්නේ සුඛෝපභෝගි ආහාර. මෙවැනි දේවල් කියමින් තමයි රට තුළ වෛරයක් ඇති කරන්න ජාතික ජන බලවේගය උත්සහ කළේ. සම්බෝල කන ජනතාව තමයි මාලිමාන ජයග්‍රහනය කරන්න ඡන්දය දුන්නේ. ඒ නිසා ඒ ජනතාට අපහාස කරන්න කටයුතු කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. සන්දර්ශන නැතුව ප්‍රශ්නයකට උත්තර ගෙන එන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම කුස්සියේ ප්‍රශ්නය නොදන්න ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට සූපවේදි පාඨමාලාවක් ආරම්භ කරන්න කියලා මම යෝජනා කරනවා. කුස්සියේ විප්ලවය නොදැන රටක් පාලනය කරන්න බෑ. සජිත් ප්‍රේමදාස මහත්තයා දන්නවා කුස්සියේ විප්ලවය මොකක්ද කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයාට තේරෙනවා රටේ ජනතාවගේ බඩගින්න. ඒ පිළිබඳව ජාතික ජන බලවේගයේ පිරිස නොදන්නා නිසා තමයි සන්දර්ශන පවත්වන්නේ. අපි ජනාධිපතිවරයාගේ හොද වැඩවලට අපි සහයෝගය ලබාදෙනවා. නමුත් මහජනතාවට උසුලු විසුලු කරලා , ජනතාවට අපහාස කරන විට අපිට ඒ වෙනුවෙන් පෙනී සිටින්න සිදුවෙනවා. රටේ තිබෙන දැවෙන ප්‍රශ්න වලට වහාම විසදුම් ලබාදෙන්න රජය කටයුතු කළ යුතුයි. ඒ වගේම තවත් මාස කිහිපයකින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පැමිණෙනවා. ඒ අවස්ථාවේදී රට තුළ දුර්භික්ෂයක් ඇති කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම ආණ්ඩුවේ තේමාව ලස්සනයි. නමුත් ආණ්ඩුවේ සංදර්ශනාත්මක දේශපාලනයෙක් රටටත් ජනතාවටත් සෙතක් සැලසෙන්නේ නෑ. තවම රටේ දැවෙන ප්‍රශ්න වලට සාධනිය පිලිතුරක් දෙන්න අපොහොසත් වෙලා තිබෙනවා. අයවැය ප්‍රශ්නය ගැන කතා කරන්නේ නෑ. රාජ්‍ය ආදායම වැඩි කරන ගන්න විදිහ කතා කරන්නේ නෑ. දේශපාලන නියෝජිතයන්ට අපහාස කරමින් සමාජය කණ්ඩනයකට ලක් කිරිම තමයි රජය සිදුකරමින් සිටින්නේ. ආණ්ඩුව සිදුකළ යුත්තේ ඇත්ත ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය යුතුයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරු වැටුප් ගන්නේ නැතුව වැඩ කරනවා කියලා කියනවා. නමුත් වැටුප් ගන්නේ නැතිව ඔවුන් ජිවත් වන ආකාරය ගැන සොයාබැලිය යුතුයි. ආණ්ඩුවට ගමන් කළ යුතු හරි මාර්ගය පෙන්වන එක තමයි විපක්ෂයේ වගකිම. නමුත් ආණ්ඩුව විපක්ෂය හැසිරිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ සිටින්නේ තමන්ගේ දුක් මහන්සියෙන් මුදල් උපයාගෙන , තමන්ගේ වෘත්තියෙන් ජිවත් වන පිරිසක්. අපේ මන්ත්‍රීවරු කාගෙන්වත් යැපෙන්නේ නෑ. ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු වැටුප ලැබෙන්නේ නෑ. වැටුප වෙනම ගිනුමකට බැර වෙනවා. ඒක සාදාචාරාත්මක නෑ. මහජන බදු මුදලින් ලැබෙන වැටුප බලහත්කාරයෙන් පක්ෂ අරමුදලකට එකතු කිරිම සදාචාරාත්මක නෑ. සමගි ජන බලවේගයේ එවැනි බංකොලොත් වැඩ කරන්නේ නෑ.
ඒ වගේම වසන්ත සමරසිංහ ඇමැතිවරයාගේ වාහන ගැන පාර්ලිමේන්තුවේදී කතා බහට ලක්වුණා. නමුත් අපේ පක්ෂයේ සුඛෝපභෝගි වාහන පදින පිරිසක් ඉන්න නිසා අපිට ඉරිසියාවක් නෑ. ඔවුන් කිව්වා සුඛෝපභෝගි වාහන පදින්නේ හොරු කියලා. හොද ගෙයක් හදපු කෙනාට හොරා කියලා කිව්වා. වසන්ත සමරසිංහ ඇමැතිවරයාට රැකියාවක් නොකර පුර්ණකාලින දේශපාලනය කළාට පසුව ලැබෙන වරප්‍රසාදයක් වෙන්න පුලුවන් ඒ ලැබිලා තිබෙන්නේ. මේවා ගැන අපිට ඉසිරිසියක් ඇති වෙන්නේ.