ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ කොල්ලුපිටිය පොලිසිය, එහි සිටි විදේශීය රටවල් තුනකට අයත් කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව ගාලු පාරේ පිහිටි ස්ථානයක මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් එක් කාන්තාවක සන්තකයේ තිබී මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන එන ලද තීරුබදු රහිත දුම්වැටි තොගයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.


























