සවලකින් පහරදීමේ දර්ශන සමාජ මාධ්‍ය කළඹයි: සැකකරුවන් 7ක් දැලට!

සවලකින් පුද්ගලයෙකුට පහර දෙන අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවකට අදාළව සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම වීඩියෝව ප්‍රචාරය වීමත් සමඟ පෙබරවාරි 9 වන දින වැලිකඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ වූ අතර, පහරකෑමට ලක් වූ පුද්ගලයා ද පසුව පොලිසියට පැමිණිලි කර තිබුණි. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම සිදුවීම මීට මාස දෙකකට පමණ ඉහතදී සිදුව ඇති බවයි.​මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු පෙබරවාරි 10 වන දින රාත්‍රියේ කොලොන්නාව, බොරැල්ල සහ වත්තල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් අතර, තවත් සැකකරුවන් දෙදෙනෙකු පෙබරවාරි 11 වන දින උදෑසන වැලිකඩ පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 15ත් 24ත් අතර වයස්වල පසුවන රාජගිරිය, බොරැල්ල, කොලොන්නාව සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඔවුන් පෙබරවාරි 11 වන දින අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, සැකකරුවන් දෙදෙනෙකු පෙබරවාරි 16 වන දින පැවැත්වීමට නියමිත හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා මාකොළ බාලදක්ෂිකා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමටත්, සෙසු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් නියෝග කෙරිණි. වැලිකඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

What's your reaction?

Related Posts

1 of 1,010

Leave A Reply

Your email address will not be published. Required fields are marked *