සාගර සහ වරාය කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක පත් කෙරේ

​ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, සාගර, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා විසින් අද (ජනවාරි 08) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත්වීම් ලිපිය නිල වශයෙන් ඒ මහතා වෙත භාර දෙන ලදී.​ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා සාගර සහ සැපයුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ඉමහත් අත්දැකීම් සමුදායක් සහිත ප්‍රවීණයෙකි. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ සමුළුව (UNCTAD) ඇතුළු ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන රැසක ඔහු මීට පෙර සේවය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,086

Leave A Reply

Your email address will not be published. Required fields are marked *