ලෝක ප්‍රතිචක්‍රීකරණ දිනයට සමගාමීව මෙරට වෙරළ තීරය ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට පත්කිරීමේ සුවිශේෂී වැඩපිළිවෙළක් කාර්ගීල්ස් සමාගම විසින් පසුගියදා ආරම්භ කරන ලදී. ඒ අනුව, එම සමාගම යටතේ පවතින ‘නකල්ස්’ (Knuckles) සහ ‘කිස්ට්’ (Kist) සන්නාමයන්ගේ මැදිහත්වීමෙන් ක්‍රෝ අයිලන්ඩ් මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් මෙම පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.කැළණි ගඟ මුහුදට එක්වන මෝය කට ආසන්නයේ පවතින දැඩි ප්ලාස්ටික් දූෂණය පාලනය කිරීම සහ එමගින් සාගර පරිසරයට සිදුවන හානිය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. තාවකාලික පිරිසිදු කිරීමකින් ඔබ්බට යමින්, වෙරළ තීරයේ ස්වභාවික සුන්දරත්වය දිගුකාලීනව ආරක්ෂා කරගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී සැලසුම් කර ඇත.මෙම ප්‍රජා සත්කාරක මෙහෙයුම සඳහා ‘ක්ලීන් ඕෂන්’ (Clean Ocean) සංවිධානය සිය පූර්ණ සහයෝගය ලබාදෙන අතර, ඒ වෙනුවෙන් කාර්ගීල්ස් ආයතනය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට ද එළඹුණි. කාර්ගීල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ අර්ජුන කුමාරසිංහ මහතා සහ ක්ලීන් ඕෂන් සංවිධානයේ සභාපති ජෙරොම් ප්‍රනාන්දු මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
























