සාම සාකච්ඡාවලට එන්නේ නෑ – රුසියානු ජනපති

තුර්කියේ පැවැත්වෙන රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය පවසයි.

එම සාම සාකච්ඡා සඳහා සහභාගී වන්නැයි යුක්රේන ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් ක්‍රෙම්ලිනය නිවේදනය කළේ, සාම සාකච්ඡා සඳහා සහභාගී වීමට ලැයිස්තුගත කර ඇති නම් අතර රුසියානු ජනාධිපති පුටින් නැති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එම රැස්වීමට එක්වීමට නියමිතව තිබුණි.

මේ වනවිට කටාර්හි රැඳී සිටින ඔහු පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා ඊට සහභාගී නොවන්නේ නම් තමා ද  එයට සහභාගී නොවන බවයි.

2019 දෙසැම්බර් මාසයේ සිට රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් පෞද්ගලිකව හමු වී නොමැත.

දෙරට අතර අවසන් වරට සෘජු සාකච්ඡා පැවැත්වූයේ 2022 මාර්තු මාසයේදී ඉස්තාන්බුල්හිදී යි.

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *