සිංහල අවුරුද්දට දැවැන්ත පොලිස් ආරක්ෂාවක්!

එළඹෙන උත්සව සමයේ මහජන සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පෙන්වා දෙන්නේ දිවයිනේ පිහිටි සියලුම පොලිස් ස්ථාන 608 ම ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි. ජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථාන සහ උත්සව පැවැත්වෙන ප්‍රදේශ කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.​මීට අමතරව, මාර්ග අනතුරු අවම කිරීම සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. මහා මාර්ගවල සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට මෙන්ම රියදුරන් පරීක්ෂා කිරීමේ කටයුතු ද මෙම කාලසීමාව තුළ දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *