සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය හෙළිකරපු හර්ෂ!

සිගරට් බද්ද රැස්කිරීමේ ක්‍රමවේදය වැරදි සහගත බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (20) පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, සිගරට් බද්ද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ඉතා ඉක්මනින් තීරණයක් ගත යුතු බවයි.

“නමුත් මෙම බද්ද පසුගිය වසර කිහිපය තුළ පහත වැටෙමින් පවතිනවා. යම් හේතුවක් නිසා ආණ්ඩුවට ලැබෙන ආදායමට වඩා – ඒ හේතුව අපි දන්නවා. මම මෙතැනදී චෝදනාවක් කරන්නේ නැහැ. නමුත් මේක නිසි ලෙස විශ්ලේෂණය නොකළ නිසා ආයතනයට ලැබෙන ලාභය ආණ්ඩුවට ලැබෙන ලාභයට වඩා ඉතා විශාලයි.

ඒ නිසා මම යෝජනා කරනවා සිගරට් බද්ද ගැන සම්පූර්ණයෙන්ම අලුතින් සිතිය යුතුයි. අපි මේ ගැන මෙහිදී සාකච්ඡා කළා. ආණ්ඩුව පෙන්වා දුන්නා මේ බද්ද උද්ධමනයට තවත් 4%ක් එකතු කරලා තමයි ගහන්නේ කියලා. 

නමුත් එය එසේ බැලුවොත්, ගිය වසරේ උද්ධමනය 1.9ක් නොවෙයි, 1.2ක්. එහෙනම් බද්ද 5.2%කට වැටිය යුතුයි. නමුත් සියල්ලටම එකම බද්දක් පැනවීමෙන් විෂමතාවයක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අලුත් සිගරට් හඳුන්වා දී ඒවාට මිනිසුන් යොමු වෙනවා.

තර්කය තමයි එසේ නොවුණහොත් ඔවුන් බීඩි පානයට යොමු වෙයි කියලා. ඒ නිසා මම යෝජනා කරනවා, මුදල් කමිටුව ලෙස මම මේක සම්මත කළේ අයවැය සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය නිසා පමණයි.

 වෙන කිසිවක් නිසා නෙවෙයි. ඒ නිසා අපිත් එකතු වෙලා අලුතින් සිගරට් බද්දක් පැනවීම ගැන තීරණයක් ගත යුතුයි.”

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *