සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද, මැතිවරණ කොමිසමට භාරදෙන බව, රජයේ මුද්‍රණාලය පවසයි.
පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වූයේ, අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙනි.
ඒ අනුව මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ය.
