සිරකරුවෝද මනුෂ්‍යයයෝය

දිගු යකඩ දම්වැලක මාංචු දැමා සැකකරුවන් එක පෙළට අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා බන්ධනාගාර නිලධාරීන් දැඩිසේ දොස් පැවරිය.
“සිරකරුවෝද මනුෂ්‍යයයෝය” යන වදන සිහිපත් කළ මහේස්ත්‍රාත්වරයා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින් මහේස්ත්‍රාත්වරයාගෙන් විවෘත අධිකරණයේදී සමාව අයැද සිටියේය.
අධිකරණය නිවාඩු කාලයක් බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ නමයක නඩු සියල්ල අංක 03 අධිකරණයේ කැඳවූ අතර රිමාන්ඩ් දීර්ඝය සඳහා ඉදිරිපත් කළ සැකකරුවන් හතළිහක් පමණ එක දම්වැලක මාංචු දමා අධිකරණ ශාලාවට ගෙනැවිත් තිබිණි.
සැකකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට එලෙස නොකරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට දන්වා සිටියේය.
අංක 03 අධිකරණයේ බන්ධනාගාර රැඳවියන් රඳවන සිරමැදිරිය තුළ සැකකරුවන් වැඩි ප්‍රමාණයක් ඇතුලත් කළ නොහැකි බැවින් මෙලෙස එකම දැම්මලක මාංචු දමා සැකකරුවන් අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීමට නිලධාරීන් කටයුතු කර තිබිණි.

What's your reaction?

Related Posts

1 of 470

Leave A Reply

Your email address will not be published. Required fields are marked *