සිරි දළදා වන්දනාව අද 6 වැනි දිනයටත්..

ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව අද(23) හය වැනි දිනටත් පැවැත්වේ.

පෙරවරු 11ට ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා විශේෂ ආගමික වතාවත්වලින් පසු ශ්‍රි දළදා වහන්සේ දළදා මාළිගයේ පිරිත් මණ්ඩපයේ විශේෂ පීඨිකාවේ තැන්පත් කෙරෙනු ඇත.

අප්‍රේල් 27 දක්වා සෑම දිනකම පෙරවරු 11 සිට පස්වරු 5:30 දක්වා කාලයේ සිරි දළදා වන්දනාවට සැදැවතුන්ට අවස්ථාව සැලසේ.

සිරි දළදා වන්දනාව සංවිධානය කෙරුණේ, ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන්.

දළදා සමිඳුන් දැක බලා වන්දානාමාන කිරීමේ අරමුණින් දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැවතුන් අසූදහසකට අධික පිරිසක් මහනුවර නගරයේ  ඊයේ(22)( රාත්‍රිය පහන් කළේ ය.

සැදැහැසිතින් පේවී මහනුවරට පැමිණ අව් වැසි නොතකමින් දළදා සමිදුන් වැද පුදා ගැනීමේ ඒකායන අරමුණින් සිටින බෞද්ධ ජනතාවට සංග්‍රහ කිරීමට ජාති ආගම් භේදයකින් තොරව ජනතාව එක් රැස්වීමත් විශේෂයක්.

මේ අතර සිරි දළදා වන්දනාවට පැමිණෙ බැතිමතුන් වෙනුවෙන් ප්‍රධාන මාර්ග 3ක් වෙන් කොට තිබේ.

පළමු ප්‍රවේශ මාර්ගය වන්නේ ඩී.එස්.සේනානායක වීදිය දෙස සිට දළඳා මාලිගයේ මහමළුව තෙක් ස්ථාපනය කර ඇති මාර්ගයයි.

දෙවැනි ප්‍රවේශ මාර්ගය ස්ථාපනය කර ඇත්තේ, රතු බෝක්කුව දෙස සිට වැව රවුමේ සංඝරාජ මාවත හරහා ශ්‍රී දළඳා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වායි.

තුන් වැනි ප්‍රවේශ මාර්ගය, රතුබෝක්කුව දෙස සිට වැව රවුමේ මාලිගාව පෙදෙසින් ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර තිබේ.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැවතුන් වෙනුවෙන් විශේෂ බස් හා දුම්රිය සේවා ද සංවිධාන කර තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *