සිරිපා වන්දනා සමය දෙසැම්බර් 23 දා ඇරඹේ

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් 23 වන දිනට යෙදෙන උදුවප් පෝ දින සිට ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පෝ දින දක්වා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර, එහිදී සමස්ත සංවිධාන කටයුතු පිළිබඳව අවධානය යොමු කර තිබේ.​වන්දනා සමයේ ආරම්භයට සමගාමීව, පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර ඇති සදාතුක කරඬුව සහ සුමන සමන් දේව ප්‍රතිමාව දෙසැම්බර් 21 වනදා සවස සිට බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා විවෘත කිරීමට සැලසුම් කර ඇත. අනතුරුව එම පූජනීය වස්තූන් ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කරවීම සිදු කෙරේ.​මෙවර වන්දනා වාරය පුරා බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුකම් තහවුරු කිරීම උදෙසා විශේෂ ආරක්ෂිත සහ රාජ්‍ය යන්ත්‍රණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ සංඛ මාපිටිගම මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,412

Leave A Reply

Your email address will not be published. Required fields are marked *