සිසු නැගිටීම මර්දනයට හිටපු බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා වරදකාරිය ලෙස තීන්දුවක්

පසුගිය වසරේ සිසුන් විසින් මෙහෙයවන ලද නැගිටීමක් මාරාන්තික ලෙස මර්දනය කිරීමට අණ දීමේ චෝදනාවට වරදකාරිය කරමින්, බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අද (සඳුදා) එරට අධිකරණයක් විසින් වරදකාරිය කර ඇත. මාස ගණනාවක් පැවති විභාගයකින් පසුව මෙම තීන්දුව ලබා දී ඇත. පැමිණිල්ල විසින් හසීනාට සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසදුස්සාමන් ඛාන්ට මරණ දඬුවම ඉල්ලා තිබුණි. එහෙත් රාජ්‍ය සාක්ෂිකරුවෙකු බවට පත්ව වරද පිළිගත් තෙවන සැකකරු වන හිටපු පොලිස් ප්‍රධානියෙකුට කිසිදු දඬුවමක් නිර්දේශ කර නොමැත. 2024 වසරේ ජූලි සහ අගෝස්තු මාසවල සිසුන්ගේ නැගිටීමේදී සිය ගණනක් මිනිසුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හසීනා සහ අසදුස්සාමන් යන දෙදෙනාටම ඔවුන් නොමැතිව නඩු විභාග කරන ලදී. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 1,400 ක් පමණ මිය යන්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙබරවාරි වාර්තාවකින් ප්‍රකාශ කළ අතර, අන්තර්වාර රජය යටතේ සිටින එරට සෞඛ්‍ය උපදේශකවරයා පැවසුවේ 800 කට වැඩි පිරිසක් මිය ගොස් 14,000 ක් පමණ තුවාල ලබා ඇති බවයි. තීන්දුවට පෙර බංග්ලාදේශයේ අන්තර්වාර රජය අගනුවර සහ අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කළේය. හසීනාගේ අවාමි ලීග් පක්ෂය මෙම විනිශ්චය මණ්ඩලය “කැන්ගරූ උසාවියක්” ලෙස හඳුන්වමින් ඊට විරෝධය පළ කිරීමට අද දිනයේදී (සඳුදා) දීප ව්‍යාප්ත වසා දැමීමක් (shutdown) ඉල්ලා සිටීමත් සමඟ, පැරාමිලිටරි දේශසීමා ආරක්ෂකයින් සහ පොලිස් නිලධාරීන් ඩකා සහ රටේ තවත් බොහෝ ප්‍රදේශවල යොදවා තිබුණි. හසීනා පසුගිය වසරේ අගෝස්තු 5 වැනිදා බලයෙන් පහ කර ඉන්දියාවට පලා ගියාය. ඇය බලයෙන් පහ වී දින තුනකට පසු බංග්ලාදේශයේ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස් අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස පත් විය. යූනුස්, හසීනාට දඬුවම් කරන බවට ප්‍රතිඥා දුන් අතර ඇයගේ අවාමි ලීග් පක්ෂයේ ක්‍රියාකාරකම් තහනම් කළේය.

What's your reaction?

Related Posts

1 of 472

Leave A Reply

Your email address will not be published. Required fields are marked *