මිරිහානේ පෞද්ගලික පාසලක ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 5ක කුඩා දරුවෙකු පිහිනුම් පුහුණුවකදී දියේ ගිලීමෙන් මියගොස් තිබේ.නුගේගොඩ, තලපත්පිටියේ පදිංචි මෙම පෙර පාසල් සිසුවා ඊයේ පස්වරුවේ සිසුන් කණ්ඩායමක් සහ ගුරුවරුන් පිරිසක් සමඟ පිහිනුම් තටාකයක පුහුණුවීම් කරමින් සිට ඇත.දරුව බරපතල තත්ත්වයෙන් දකුණු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර, පසුව ඔහු මිය ගියේය.පසුගිය සතිය තුළ සිසුවෙකු පිහිනුම් තටාකයක දියේ ගිලී මියගිය තුන්වන සිද්ධිය මෙයයි.