සීග්‍රයෙන් උණුසුම් වන ශ්‍රී ලංකාව: 2040 වනවිට දරිද්‍රතාව 1.8%කින් ඉහළට!

​ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ දේශගුණය සීග්‍රයෙන් උණුසුම් වෙමින් පවතින අතර, 2040 වනවිට උෂ්ණත්වය 0.95°C – 1.14°C කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ​එම වාර්තාවේ සඳහන් වූයේ, වැඩිවන තාප පීඩනය සහ ජල අවිනිශ්චිතතාව හේතුවෙන් විශේෂයෙන් ග්‍රාමීය ගොවීන්ගේ සහ නාගරික ශ්‍රමිකයන්ගේ ජීවනෝපායන් අඩාල වන අතර, දැනට පවතින 24.5% ක දරිද්‍රතා අනුපාතය තවත් 1.8% කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.​එම දේශගුණික හා සංවර්ධන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වූයේ, දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවට සැලකිය යුතු අභියෝග එල්ල වන බවත්, තාප පීඩනයෙන් ශ්‍රම ඵලදායිතාව අඩුවීම, කෘෂිකාර්මික අස්වැන්න අඩුවීම සහ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් තීව්‍රවීම හේතුවෙන් දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 3.3% සිට 3.5% දක්වා පරාසයක ආර්ථික පාඩු සිදුවිය හැකි බවත් ය.​ලෝක බැංකුවට අනුව, ආර්ථික පාඩුවට බලපාන දේශගුණික විපර්යාසයේ වඩාත්ම දරුණුතම තත්ත්වය ලෙස ශ්‍රම තාපය (Labour heat) හඳුනාගෙන ඇත. දෙවන වඩාත් දරුණුතම තත්ත්වය වන්නේ ගොඩබිම් ගංවතුරයි.​එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලට (UNDP) අනුව, අවසන් වරට 2016 සිට 2017 දක්වා කාලය තුළ එල් නිනෝ (El Niño) තත්ත්වය ශ්‍රී ලංකාවට බලපෑ අවස්ථාවේදී, ගංවතුර හා නායයෑම් වලින් සහ ඉන්පසුව ඇති වූ දැඩි නියඟයකින් මිලියන 2 කට අධික ජනතාවකට බලපෑම් එල්ල විය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්, එනම් 48.8% ක්, ආපදා සූදානමකින් තොරවීම, වේගවත් වන දේශගුණික අවදානම් මගින් උග්‍රවන ප්‍රධාන අවදානම් සාධකයකි. 35.6% ක් ජල මූලාශ්‍ර සම්බන්ධයෙන් අවදානමට ලක්වූවන් සහ අහිමි වූවන් වේ. ​ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන සහ සංචාරක, කෘෂිකර්ම සහ ධීවර වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් 80% ක් සඳහා රටේ ස්වභාවික සම්පත් වර්ධනයේ ගාමකයන් වන අතර දේශගුණික බලපෑම්වලට එරෙහිව ආරක්ෂිත ආවරණයක් සපයයි.​කෙසේ වෙතත්, මෙම සම්පත් වලට දැඩි ගංවතුර, නියඟ, නායයෑම් සහ අධික උණුසුම වැනි දේශගුණික බලපෑම් මගින් තවදුරටත් හානි සිදු වේ.

What's your reaction?

Related Posts

1 of 786

Leave A Reply

Your email address will not be published. Required fields are marked *