කැලණිය, දළුගම ප්‍රදේශයේ පදිංචි පස් හැවිරිදි පිරිමි දරුවෙකු සීගිරිය පොලිස් වසමට අයත් අවුදන්ගාව ප්‍රදේශයේ හෝටල් පිහිනුම් තටාකයක ගිලී මිය ගොස් ඇත. පොලීසිය පැවසුවේ, මෙම සිදුවීම නොවැම්බර් 8 වනදා සවස, දරුවා ඔහුගේ දෙමාපියන් සමඟ පිහිනමින් සිටියදී සිදුව ඇති බවයි. ඔහු වහාම දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත. මෘතදේහය මේ වන විට දඹුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
























