සීදූව ප්‍රදේශයේ පසුගියදා සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එකම පවුලේ තිදෙනාගෙන් පියාත් ජිවිතක්ෂයට

සීදූව ප්‍රදේශයේ පසුගියදා සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එකම පවුලේ සාමාජිකයින් තිදෙනාගෙන් තවත් අයෙකු අද ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පසුගිය 28 වනදා එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්වුණා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔවුන් තිදෙනාට වෙඩි තබා පළා ගොස් ඇති බවයි සීදූව පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාර මහතා පැවසුවේ.

තුවාල ලැබූ තිදෙනා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුත්‍රයෙකු මීට පෙර ජීවිතක්‍ෂයට පත් වුණා.

අද දිනයේ ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ එම පවුලේ පියා බවයි පොලීසිය පැවසුවේ.

අනෙක් පුත්‍රයා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙම වෙඩිතැබීම විදේශයක සිට මෙහෙයවා ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අදාළ පාර්ශවය වෙඩික්කරුවන්ට කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ එම පවුලේ ව්‍යාපාරික පුත්‍රයා වෙඩිතබා ඝාතනය කරන ලෙසට බවද අනාවරණ වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *