මිලාන් මහජන නඩුකාර කාර්යාලය (Milan Public Prosecutor’s Office) විසින් ඉහළ මට්ටමේ සපත්තු නිෂ්පාදකයෙකු වන Tod’s spa සමාගම, එහි නිෂ්පාදන දාමයේ ඇති චීන ජාතිකයන් විසින් පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලාවල සිදුවන බව කියන සේවක සූරාකෑම සම්බන්ධයෙන් අධිකරණ පාලනයකට (Judicial Administration) යටත් කරන ලෙස ඉල්ලා තිබේ.මිලාන් නඩුකාරවරුන් පසුගිය වසර කිහිපය තුළ ඉතාලියේ ක්‍රියාකාරී සමාගම්වල සේවක සූරාකෑම පිළිබඳ විමර්ශන මාලාවක් පවත්වා ඇති අතර, ඊට බහුජාතික සමාගම් කිහිපයක් සහ Loro Piana, Valentino, Dior, සහ Armani වැනි ඉහළම විලාසිතා සන්නාම ගණනාවක් ඇතුළත් විය.Tod’s spa සමාගමට චෝදනා එල්ල වී ඇත්තේ, අනුකොන්ත්‍රාත්කරුවන්ගේ ක්‍රියාකාරිත්වය පාලනය කිරීමට අපොහොසත් වීම නිසා සූරාකෑමට “පහසුකම් සැලසීම” සම්බන්ධයෙනි. පොලිස් පරීක්ෂණ මගින් “පෙනෙන විදියට දුරස් වූ ලෝක දෙකක්, එනම් එක් පැත්තකින් සුඛෝපභෝගීත්වය සහ අනෙක් පැත්තෙන් චීන වැඩපොළවල්, තනි අරමුණක් සඳහා එකට එකතු වන ආකාරය පෙන්නුම් කරන බව,” මෙම ඉල්ලීමේ සඳහන් විය. එම තනි අරමුණ වන්නේ “අපරාධ හා කම්කරු නීති පැහැර හරිමින් පිරිවැය අඩු කර උපරිම ලාභ ලැබීම” ය.