අද (27) දින පෙරවරු 10:26 ට ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් ඉන්දියානු සාගරයේ රික්ටර් මාපකයේ 6.6ක භූ කම්පනයක් සිදු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේය. භූ කම්පන තොරතුරු බුලටින් අනුව, මෙම කම්පනය මීටර් 25ක ගැඹුරකින් වාර්තා වී ඇති අතර, එහි මූලික ඛණ්ඩාංක අක්ෂාංශ 2.68°N සහ දේශාංශ 96.07°E ලෙස දැක්වේ. මේ අවස්ථාවේදී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර, ශ්‍රී ලංකාව අවට වෙරළබඩ ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව නිකුත් කරන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට උපදෙස් දී ඇත. වැඩිදුර තොරතුරු ලැබෙන පරිදි මාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුම් දෙන බව බලධාරීහු පැවසූහ.






















