මාතර සංචාරක කළාපවල බලපත්‍ර නොමැතිව විදේශීය මත්පැන් වර්ග විකුණමින් සිටි පුද්ගලයන් 30 දෙනෙකු ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කළ මෙහෙයුමකින් මත්පැන් වර්ග තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර සුරාබදු අධිකාරී කාර්යාලය කියයි.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගය මත විදේශිකයින් වැඩි වශයෙන් සංචාරය කරන වැලිගම, මිරිස්ස, හිරිකැටිය ප්‍රදේශවල මෙම හදිසි මෙහෙයුම සිදු කර තිබුණි.
විශේෂයෙන්ම විදේශිකයින් පවත්වාගෙන යන ආපනශාලා හා රෙස්ටුරන්ට් ආයතන රැසක් මෙහිදී බලපත්‍ර නොමැතිව විදේශීය මත්පැන් අලෙවි කරමින් සිට ඇති අතර සැකකරුවෝ 25-35-45 වයස්වල පසුවන අය බවත් සුරාබදු නිළධාරින් කියති.
ඒ අනුව උපාය දූතයන් යොදවා විදේශීය මත්පැන් අලෙවි කරන ස්ථාන 52කට වැඩි ප්‍රමාණයක් පරික්ෂා කොට සුරාබදු ආඥාපනත උල්ලංඝනය කරමින් බලපත්‍ර නොමැතිව බියර් අලෙවි කරමින් සිටි ව්‍යාපාරිකයන් 30 දෙනෙකු බියර් ටින් හා බෝතල් තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.