සුළි කුණාටුවට මුහුණ දීමේ අඩුපාඩු සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්!

සුළි කුණාටුවට මුහුණ දීමේදී පැවති සූදානම පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් කර වාර්තා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අද (ජනවාරි 21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එම කාරක සභාව මගින් අදාළ කරුණු විමර්ශනය කර සිය නිර්දේශ සහ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව එම යෝජනාවේ සඳහන් වේ. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා විසින් එය ස්ථිර කරනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 1,197

Leave A Reply

Your email address will not be published. Required fields are marked *