සුළි කුණාටුවෙන් පසු යළි නැගී සිටීමට ස්වීඩන් ජාතිකයෙකුගෙන් ඩොලර් 33,000 ක පරිත්‍යාගයක්!

සුළි කුණාටුවෙන් විපතට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සහ ජාතික ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රජය පිහිටුවා ඇති ‘ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ’ අරමුදලට ස්වීඩන් ජාතික වී. පී. නැක්හෝල්ම් මහතා විසින් අමෙරිකානු ඩොලර් 33,000 ක මුදලක් පරිත්‍යාග කර තිබේ. ජනාධිපති කාර්යාලය සඳහන් කරන පරිදි මෙම අරමුදල සඳහා දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් අඛණ්ඩව සහයෝගය ලැබෙමින් පවතින අතර, නැක්හෝල්ම් මහතා විසින් ඉකුත් අඟහරුවාදා (16) සිදුකරන ලද මෙම මුදල් තැන්පතුවට අදාළ රසීද පත්‍රය ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් භාර දී ඇත.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *