සුළි කුණාටුවෙන් සෞඛ්‍ය පද්ධතියට රුපියල් බිලියන 21 ක දැවැන්ත පාඩුවක්!

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතියට රුපියල් බිලියන 21 ක පමණ ඇස්තමේන්තුගත පාඩුවක් සිදුව ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රෝහල් කිහිපයක් ඇතුළු සෞඛ්‍ය ආයතන අටක් බරපතල ලෙස හානියට පත්ව ඇති බවත්, ඒවා නැවත ප්‍රතිසංස්කරණය කිරීමට සිදු වන බවත්ය.​ලෝක බැංකු වාර්තාවලට අනුව මෙම සුළි කුණාටුව හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුව ඇති සමස්ත හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ලෝක අත්දැකීම්වලට අනුව, ලෝක බැංකුව විසින් සිදුකරන ලද මෙම මූලික ඇස්තමේන්තුව සවිස්තරාත්මක ඇගයීමකදී වෙනස් විය හැක්කේ සියයට 10 කින් පමණක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 918

Leave A Reply

Your email address will not be published. Required fields are marked *