සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ ණය ගැටලූ විසඳන්න රජය විදිහට අපි මැදිහත් වෙනවා

කර්මාන්ත හා ව්‍යසායකත්වයක් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය චතුරංග අබේසිංහ

ජනතාවත් කුඩා කර්මාන්තකරුවත් ආරක්ෂා කරගන්න ඕනේ දෙපැත්තම බලන්න ඕන හින්දා රජය මේ තීරණ ගෙන තියෙන්නේ

අපි ගන්න තීරණවල එක් පාර්ශකයට අගතියක් වෙන්නත් පුළුවන් අගතිය වෙන පාර්ශවයේ වගකීම රජයේ විදියට අපි භාරගන්නවා

ආණ්ඩුව අපි ඉදිරියට යනකොට බදු වලින් ඵලදායිතාව වැඩි කරගන්න අපි බලාපොරොත්තු වෙන්නෑ ඵලදායිතාව වැඩිකරලා කර්මාන්ත වලින් ඉදිරියට යන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ

මේ වෙලාව රජය තීරණය ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුවයි

ලංකාව නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනේ කියන එක ජනගත වෙලා තියෙනවා

ආර්ථික කඩාවැටීමත් සමඟ ලංකාවේ වාහන එකලස් කිරීමේ කර්මාන්තය සීඝ්‍රයෙන් වර්ධනය වුණා ඒ වගේම යෙදවුම් නිෂ්පාදන කිරීමෙන් විශාල වශයෙන් විදේශ විනිමය උපයාගෙන තිබෙනවා

අනෙකුත් රටවල් බැලුවාම ඒ රටවල් නිෂ්පාදන ආර්ථිකයට ගිහිල්ලා තියෙන්නේ රටේ සහ ජනතාවගේ උනන්දුව මත

අපිට පිටරටින් බයිසිකල් ගෙන්නන්න බැරි කාලේ ලංකාවේ නිෂ්පාදනය තමයි දීලා තියෙන්නේ ලෝකය පිළිගත් සන්නාම අද අපේ රට පිළි අරගෙන එකලස් කිරීමේ කර්මාන්තයට සහයෝගය දක්වනවා

ලෝකය පිළිගත් සන්නාමවල යතුරුපැදිවල එන්ජිම සහ ලයිටින් සිස්ටම් එක ඇරෙන්න අනිකුත් සියලුම දෑ ලංකාව තුළ නිෂ්පාදනය කරනවා

රටේ ජනතාව රට තුළ නිෂ්පාදනය වන දේවල් වලට හිත යොමු කරන්න ඕනේ එවිට ජාත්‍යන්තර ආයෝජන සහ මීට වැඩිය මිල අඩුවීමකට ගැනීමට හැකිවෙනවා

දේශීය කර්මාන්ත කරුවන් නැගී එනකොට අපේ ආණ්ඩුව එම කර්මාන්ත කරුවන්ට නැගී හිටින්න අත හිතදෙනව

වාහන ගෙන්නන එක නවත්තන එක නෙමෙයි රජයක වගකීම පිටරටින් ගෙන්නන වාාහනයක් පිටරට එකලස් කළත් එකයි ලංකාවේ එකලස් කරත් එකයි ජනතාවගේ ඔලුවෙ තියන මතයේ අපි වෙනස් කරන්න ඕනේ

කර්මාන්ත හා ව්‍යසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය චතුරංග අබේසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වා සිටියේ අද ජාඇල පිහිටි ACCOLADE ENGINEERING WIRE HARNESS ආයතනයේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමිනුයි

What's your reaction?

Related Posts

1 of 535

Leave A Reply

Your email address will not be published. Required fields are marked *