සූර්ය බලශක්තිය සීමා කිරීමේ කිසිඳු අදහසක් නැහැ – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

සූර්ය බල ශක්තිය ලබා  ගැනිම සීමා  කිරීමට, අඩු කිරීමට හෝ  නැවැත්වීමට  කිසිඳු අදහසක් නොමැති බවත් ඒ වෙනුවෙන් කිසිඳු කමිටුවක් පත්කර නොමැති බවත්   බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා  පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (19) පාර්ලිමේන්තුවේදී  සූර්ය බල ශක්තිය සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා  මහතා  ඇසු ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.

එමෙන්ම 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් කරා යන ගමනක අප සිටින බවත්  එබැවින් සූර්ය බලශක්තිය අපට අවශ්‍යය බවත් අමාත්‍යවරයා  සඳහන් කළේය.

පැවති තත්වය ක්‍රමවත් කිරීමේ වැඩපිලිවෙලක්  සිදුකරගෙන යන බවත් බලශක්ති ප්‍රතිපත්තියට අනුව මෙගාවොට් 2000ක් කඩිනමින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමත් අපේක්ෂාවක් බවත් අමාත්‍යවරයා  වැඩි දුරටත් පැවසීය.

බොරු ප්‍රචාර නොකරන ලෙසත් එම බොරු ප්‍රචාරවලට අසු නොවන ලෙසත් අමාත්‍යවරයා  ඉල්ලා  සිටියේය.

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *