රජයේ ආයතන කිහිපයක සේවා කටයුතු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇනහිට ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අද (14) නිවේදනයක් නිකුත් කළේය.දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ඇත්තේ සියලුම සේවාවන් කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි. මේ නිසා සේවා අඩාලවීම් පිළිබඳ පැතිරෙන අසත්‍ය ප්‍රකාශ නොසලකා හරින ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ නව වාහන ලියාපදිංචි කිරීම් සහ පැවරුම් කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුවන බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මහජනතාව වෙත දැනුම් දෙන්නේ වේරහැර රියැදුරු බලපත්‍ර අංශය ඇතුළු සියලුම දිස්ත්‍රික් කාර්යාලවල සේවා කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.