සෞඛ්‍ය අර්බුදය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි තීරණයකට සැරසෙයි

සෞඛ්‍ය සේවයේ පවතින දීර්ඝකාලීන ගැටලු විසඳීමට බලධාරීන් අපොහොසත් වීම සහ ඉන්ධන සීමා කිරීම් හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලයට කඩිනම් ප්‍රවාහන විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇති නමුත්, සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වගකිවයුතු නිලධාරීන් මෙතෙක් ඊට නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බව එම සංගමය සඳහන් කරයි.​මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තීරණාත්මක පියවර ගැනීම සඳහා හෙට (මාර්තු 17) දිවයින පුරා සිටින නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා තිබේ. එහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා ගැටලු පිළිබඳ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරියේදී ගන්නා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී තීරණාත්මක නිවේදන නිකුත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,052

Leave A Reply

Your email address will not be published. Required fields are marked *