සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළෙදී කියන්නේ එකක්. එළියේදී කියන්නේ එකක්. ඇමතිවරු සහ ජනාධිපතිවරු පක්ෂ දේශපාලනික උපක්‍රම විතරක් පාවිච්චි කරොත්. , අපේ ප්‍රශ්නවලට විශ්වාසදායක උත්තර හොයන්න බැරි වෙයි.

[11:48 am, 05/03/2025] Hiru Tv News Yaluwa: අද දහවල් එකට නලිඳ ජයතිස්ස ඇමතිවරයා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට සාකච්ඡාවකට ආරාධනා කරලා තියෙනවා. සෞඛ්‍ය ඇමතිවරයා සාකච්ඡා වලදී අපේ ප්‍රශ්නයතේරුම් ගන්නවා. එයා හිටපු සෞඛ්‍ය සේවකයෙක් හින්දා මේක තේරුම් ගන්න අමාරු නෑ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එළියේ ගියාට පස්සේ හැසිරෙන්නේ සම්පූර්ණයෙන්ම ජේවීපී කාඩර් වරයෙක් විදිහට. ඒකෙන් ඇමති තනතුරෙක් වගකීම හැලෙනවා. අපිට ප්‍රශ්න විසඳගන්න අත්‍යවශ්‍ය විශ්වසනීයත්වය කියන එක බිඳ වැටෙනවා.

නලින්ද ජයතිස්ස ඇමතිවරයා අපිත් එක්ක කරපු හැම සාකච්ඡාවේදීම අපේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න මහන්සි වෙනවා වගේ පෙන්නනවා. අපිටත් හිතෙන්නේ බැරිකම මිස මේක විසඳන්න උවමනාවක් නැතිකම නෙවෙයි. මේකට අදාල තීන්දු තීරණ ගන්නෙ කවුද කියලා නලින්ද ජයතිස්ස ඇමතිවරයාවත් දන්නේ නැති පාටක් තමයි පේන්න තියෙන්නේ. අපිටත් ඒක හොයාගන්න අමාරුයි.

කොහොම වුණත් මේ වගේ බැරෑරුම් ප්‍රශ්න එක්ක, පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරු වෘත්තීය සමිතිකාරයෝ වගේ හැසිරෙන එක විශාල අවුලක්. වසන්ත සමරසිංහ අපිට බෙදීමේ චක්කරේ කියලා දෙන්න හදනවා. නලින්ද ජයතිස්ස මොන මොනවාදෝ ඉලක්කම් ටිකක් හැමදාම පාර්ලිමේන්තුවේ කියවනවා. හැබැයි ඔය එකක්වත් අපේ ප්‍රශ්නෙට අදාල නෑ.

ඔව් මූලික වැටුප වැඩි කරා. සියළු රජයේ සේවකයන්ට මූලික වැටුම වැඩි වැඩිකළා ඕක මාසයක් හරි අවුරුද්දක් හරි එක එක සේවකයාට වැඩි වෙච්ච ගණන් විදිහට පාර්ලිමේන්තුවේ කියව කියව ඉන්න පුළුවන්. හැබැයි ඒක අපේ ප්‍රශ්නය නෙවෙයි. අපේ ප්‍රශ්නෙට උත්තරේ එතනින් හොයාගන්නත් බැහැ.

අපි අහන්නේ සමස්ත රාජ්‍ය සේවාවට එක හා සමානව මූලික වැටුප වැඩි කරද්දී. , අපේ විතරක් දීමනාකප්පාදු කළේ ඇයි කියලා. . . එහෙම කරන්න ආණ්ඩුව කරපු අධ්‍යයනය මොකක්ද මේවා නිකන් දාපු ඉලක්කම් කියලා වසන්ත සමරසිංහලා හිතනවා නම්, ඔය විදිහට හරයයි ලවයයි වෙනස් කරලා බැලන්ස් කරන්න පුළුවන් ඒවා වෙනස් කරන්න පුළුවන්. හැබැයි මේවා එහෙම නිකමටම දාපු ඉලක්කම් නෙවෙයි කියලා ඇමතිවරයෙක් විදියට ඔවුන් ඉගෙන ගන්න ඕනේ.

කොහොම වුණත් අද හවස සාකච්ඡාවට අපි යන්නේ ප්‍රශ්නෙද විසඳුමක් හොයාගෙන. ආණ්ඩු දෙනන පොරොන්දු අපි විශ්වාස කරන්නේ නෑ. ඒත් මේ ජනාධිපති සහ මේ ඇමති පළවෙනි පාරට පත්වෙච්ච අය නිසා, පොරොන්දු කඩ කරපු අය කියලා කියන්නත් අපිට බෑ. නමුත් එළියෙයි, ඇතුලෙයි දෙබිඩි හැසිරීම ආණ්ඩුවක් විදිහට හදා ගන්නවානම් අපිට එකඟතාවයකට එන්න පහසුයි.

රවී කුමුදේශ්
කැදවුම්කරු
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය
[2:04 pm, 05/03/2025] Hiru Tv News Yaluwa: කොටහේන OICට මරණ තර්ජන

කොටහේන පොලීසියේ ස්ථානාධිපතිවරයාට මරණ තර්ජන කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

තමන් “මෝදර නිපුන” ලෙස හඳුන්වාගත් අයෙක් කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත මෙලෙස මරණ තර්ජන සිදුකර තිබුණි.

කොටහේන, ගල්පොත්ත හන්දියේ පිහිටි දුරකතන අලෙවිසලක හිමිකරුවකු පසුගිය පෙබරවාරි 21වනදා රාත්‍රීයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩිතබා ඝාතනය කරනු ලැබීය.

අනතුරුව පළාගිය වෙඩික්කරුවන් දෙදෙනාව පොලීසිය විසින් එදිනම අත්අඩංගුවට ගත් අතර වෙඩිතැබීම සඳහා භාවිත කළ ගිනිඅවියද සොයාගත්තේය.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව සඟවා තිබූ ගිනිඅවි පෙන්වීම සඳහා වෙඩික්කරුවන් පොලීසිය විසින් මට්ටක්කුලිය, කාකදූපත ප්‍රදේශයට රැගෙන ගොස් තිබුණි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට වෙඩික්කරුවන් විසින් ප්‍රහාරයක් එල්ලකිරීමට යෑමේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණි.

පසුගිය පෙබරවාරි 22වනදා අලුයම එය සිදුවූ අතර ඊට මද වේලාවකට පසුව කොටහේන පොලිසියේ ස්ථානාධිපති කෝසල ලියනාරච්චි මහතාට දේශීය දුරකතන අංකයකින් ඇමතුමක් ලැබී ඇති බව පොලීසිය පැවසීය.

මෝදර නිපුන තමන් බව පවසමින් ඇමතුම ලබාදුන් පුද්ගලයා එහිදී පවසා ඇත්තේ, “ගම්පහ දාපු සෙල්ලම් දාන්න බැහැ, හොඳින්ද නරකින්ද වෙන්න ඕනේ” යනුවෙනි.

අනතුරුව කොටහේන පොලීසිය ඊයේ අලුත්කඩේ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය වෙත අදාළ මරණ තර්ජනය පිළිබඳව සිදුකළ කරුණු දැක්වීමෙන් පසුව සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 687

Leave A Reply

Your email address will not be published. Required fields are marked *