සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද උග්‍රවෙයි: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සමීක්ෂණයක්; දන්ත වෛද්‍යවරු වැඩ වර්ජනයට!

රජයේ රෝහල් ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට හේතුව දීර්ඝ කාලයක සිට ප්‍රතිපත්තිමය සහ ක්‍රමවේදවල පවතින දුර්වලතා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) පෙන්වා දෙයි. මේ දක්වාත් මෙම ගැටලුවලට නිසි විසඳුම් ලැබී නොමැති බව ඔවුන්ගේ අදහසයි. එම පසුබිම යටතේ, රෝහල්වල පවතින අඩුපාඩු පිළිබඳව තම සංගමය විසින් විශේෂ සමීක්ෂණයක් සිදු කර, රෝහල් වර්ගීකරණයට පියවර ගන්නා බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.​මේ අතර, දන්ත සේවා අංශය තුළ සිදුවන පරිපාලන බිඳවැටීමට විරෝධය පළ කරමින්, රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් එක් දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නඳුන් ධම්මික මහතා පැවසුවේ, සිය ගැටලුවලට නිසි විසඳුම් නොලැබුණහොත්, නොවැම්බර් මස 06 වනදා දිවයින පුරා මෙම එක්දින සංකේත වැඩ වර්ජනය සිදු කරන බවයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද තත්ත්වය උග්‍ර වෙමින් පවතින බව මෙම තොරතුරු මඟින් පැහැදිලි වේ.

What's your reaction?

Related Posts

1 of 825

Leave A Reply

Your email address will not be published. Required fields are marked *