සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය අවසන්…

සෞඛ්‍ය වෘත්තිය සමිති 19ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(19) උදෑසන 7.00 ට අවසන් වේ.

ඊයේ උදෑසන 7 සිට ඔවුන් වැඩ වර්ජනයේ නිරත වූයේ, අයවැය යෝජනා මගින් සිය දීමනා කප්පාදු වී ඇති බව පවසමිනි.

ඒ හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක රෝගීන් දැඩි පීඩාවට පත් විය.

වර්ජනය ක්‍රියාත්මක වුණේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සහ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් කැස්බෑව සංවිධායක සමන් රත්නප්‍රිය සහ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කළ රවී කුමුදේශ් යන මහත්වරුන්ගේ නායකත්වයෙනි.

රසායනාගාර විද්‍යාඥ සංගමය, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය, රජයේ දන්ත තාක්ෂණ ශීල්පී සංගමය, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් ඊට එක්විය.

වැඩ වර්ජනය හේතුවෙන්, රටපුරා රජයේ රෝහල්වලට පැමිණි රෝගීන් ඊයේ දිනයේ පත්වූයේ දැඩි දුෂ්කරතාවයටයි.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *