හදිසියේ නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹේ….

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව බැංගලෝර්, ජායිපූර්, දිල්ලි, ලක්නව්, මුම්බායි සහ අහමදාබාද් යන ස්ථාන හයකදී පමණක් එම තරගාවලියේ ඉතිරි තරග පැවැත්වෙනු ඇති.

සංශෝධිත කාලසටහනට අනුව පළමු සුදුසුකම් ලැබීමේ තරගය මේ මස 29 වැනිදාත්, තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයෙන් ඉවත් වන කණ්ඩායම තීරණය කරන තරගය මේ මස 30 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.

දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයද ජුනි පළමු වැනිදා පැවැත්වේ.

තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ජුනි 3 වැනිදායි.

එම තරග පැවැත්වෙන ස්ථාන ඉදිරියේදි නිවේදනය කිරීමට නියමිතයි.

ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇතිවූ යුධමය වාතාවරණය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සතියක කාලයක් කල් දැමීමට තරගාවලි සංවිධායකයින් පසුගියදා තීරණය කළේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ දෙරට අතර ඇතිවූ සටන් විරාම ගිවිසුම හේතුවෙන් තරගාවලිය යළිත් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 748

Leave A Reply

Your email address will not be published. Required fields are marked *