හය වසර පෙළපොත් මතභේදය: කමිටු වාර්තාව භාර දෙයි

හයවන ශ්‍රේණියට අදාළ මතභේදාත්මක පෙළපොත් මොඩියුලය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව මේ වන විට භාර දී ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.​අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ තවත් අමාත්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එම වාර්තාවේ ඇතුළත් නිර්දේශයන්ට අනුව ඉදිරි කාලසීමාව තුළ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍ය හේරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 930

Leave A Reply

Your email address will not be published. Required fields are marked *