හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට ඇප හිමිවෙයි!

සංවිධානාත්මක අපරාධකරුවෙකුට ගිනි අවියක් ලබාදුන් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. අද (09) දින ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඇප නියෝගය ලබා දෙන ලදී.​මෙම සිද්ධියට පාදක වී ඇත්තේ 2001 වසරේදී හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාව විසින් නිකුත් කරන ලද ගිනි අවියක්, 2019 වසරේදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මධුෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සොයා ගැනීමයි. එම ගිනි අවිය අවභාවිත කර ඇති බවට එල්ල වූ චෝදනාව මත සිදුකළ විමර්ශනවලට අදාළව ඒ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 935

Leave A Reply

Your email address will not be published. Required fields are marked *