
හිටපු ජනපති පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා රජයේ මුදල් රුපියල් මිලියන 16ක් අවභාවිතා කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. (15) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් සභානායකවරයා මේ බව පැවසීය.
2023 වර්ෂයේ සැප්තැම්බර් 22 සහ 23 දිනයන්හිදී හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක්හි රාජ්‍ය තාන්ත්‍රික සමුළුවට සහභාගී වී ඇති බව එම පෞද්ගලික විදෙස් සංචාරය සඳහා රුපියල් මිලියන 16ක මුදලක් වියදම් කර ඇතැයි සභානායකවරයා හෙළි කළේය.
හිටපු රාජ්‍ය නායකයා තමාගේ පෞද්ගලික සංචාරයක් සඳහා මෙසේ රාජ්‍ය මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් සොයා බලන බවත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බවද කීය.
මෙරට මහජනතාවගේ මුදල් පෞද්ගලික කරුණු සඳහා භාවිතා කළ මෙම රාජ්‍ය නායකයින් සම්බන්ධයෙන් මෙරට මහජනතාව දැනගත යුතුයැයිද සභානායකවරයා වැඩිදුරටත් පැවසීය.