හිටපු ජනපති රනිල් අද නැවතත් අධිකරණය හමුවට!

​පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත කැඳවීමට නියමිතව තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ, සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩන් බලා යාමට රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත මෙම පැමිණිල්ල ගොනු කර ඇත.​ඒ අනුව, 2025 අගෝස්තු 22 වන දින හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අතර, එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. පසුව ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් නිලූපූලී ලංකාපුර මහත්මිය, රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහුව මුදා හැරීමට නියෝග කළ අතර නඩුව 2025 ඔක්තෝබර් 29 වන දිනට කල් තැබුවාය. එම දිනයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී, මෙයට අදාළ විමර්ශන 2026 ජනවාරි 28 වන දිනට පෙර අවසන් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,012

Leave A Reply

Your email address will not be published. Required fields are marked *