හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ නේපාල අග්රාමාත්ය කේ.පී ෂර්මා ඔලි මහතා අතර හමුවක් නේපාලයේ කත්මණ්ඩු නුවරදී ඊයේ පෙරවරුවේ පැවැත්විණි.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර නේපාලයේ සංචාරයකටද ගියේය.
එහිදී හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ නේපාල අගමැතිවරයා අතර පැයක පමණ සාකච්ඡාවක් පැවත්විණි.
නේපාල අග්රාමාත්යවරයා එහිදී පවසා ඇත්තේ නේපාලයට දරුණු භූමි කම්පාවකට මුහුණ දෙන්නට සිදුවූ අවස්ථාවේදී ශ්රී ලංකාවෙන් ලද උපකාර පිළිබඳව කෘඥතාවය පළ කරන බවයි.ශ්රී ලංකාව සහ නේපාලය අතර ඉදිරියේදී තව දුරටත් ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීමට අපේක්ෂා කරන බවද නේපාල අග්රාමාත්යවරයා එහිදී සඳහන් කර ඇත.