හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉරාන තානාපති කාර්යාලයට පැමිණෙයි

ඉරානයේ අධ්‍යාත්මික නායකයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය මගින් සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. එහිදී තානාපති කාර්යාල පරිශ්‍රයේ තබා තිබූ විශේෂ ශෝක සමරු පොතෙහි සටහනක් තබමින් ඒ මහතා සිය කනගාටුව පළ කර සිටියේය.​මෙම අවස්ථාවට එක්වෙමින් ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන් හමු වූ රනිල් වික්‍රමසිංහ මහතා, එරට නායකයාගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ශෝකය සහ සහයෝගීතාවය ඔවුන් වෙත පෞද්ගලිකවම ප්‍රකාශ කළේය. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල වැදගත්කම සිහිපත් කරමින් මෙම ශෝක ප්‍රකාශ කිරීම සිදු විය.

What's your reaction?

Related Posts

1 of 1,035

Leave A Reply

Your email address will not be published. Required fields are marked *