පැය විසි හතරක් තුළ ඔහු වාර්තා තුනක් අලුතින් වාර්තා කර තිබෙනවා..
පැය විසි හතරක් treatmil යන්ත්‍රයක් භාවිතා කර කිලෝමීටර් 174 ක් ගෙවා මෙම නව වාර්තා පිහිටුවා තිබෙනවා..
නාවික හමුදා මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී මෙම වාර්තාව පිහිටවනු ලැබුවා..
මීට පෙර ඉන්දියාවේ ක්‍රීඩකයෙකු තබා තිබූ වාර්තාව ක් මෙයින් අභිබවා ගොස් නව වාර්තාවට ඔහු හිමිකම් කීවා..
අශෝක ප්‍රින්සිලි ලියනගේ නාවික හමුදාවේ
විශ්‍රාමික රිය අද්මිරාල වරයකු වෙනවා..
මීට පෙර ඉන්දියාවේ ක්‍රීඩකයකු විසින් තැබූ පැය දොළහක තිබූ වාර්තාවද ඔහු අභිබවා ගොස් තිබෙනවා..
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියාත්මිරාල් ඩෙල් මින් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා..
මෙම වාර්තාවට අනුව තව ගිනස් වාර්තා කිහිපයක් අභිබවා යෑමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා..
පැය හයක් තුළ වේගවත්ම අවසන් කිරීම..කිලෝමීටර්කිලෝමීටර පනස් දෙකයි දශම පනස් හයයි..
පැය දොළහක් තුළ කිලෝමීටර් අනූ හතරයි දශම තිහක් තුළින් ඊළඟ වාර්තාවද..
කිලෝමීටර් 50ක් අවසන් කිරීම පැය නමයයි විනාඩි පනස් හයයි තත්පර දාසයකින්
කිලෝමීටර් 100ක් පැය 20යි විනාඩි 41යි තත්පර 15කින් නිම කර තිබෙනවා..
පැය විසි හතරක් තුළ කිලෝමීටර 174යි එකසිය හැත්ත හතරයි දශම අටක් තුළ මෙම වාර්තාව නිම කර තිබෙනවා..
මෙය ගිනස් වාර්තා කිහිපයක් අභිබවා යාමක්..