හිතුමතේ කෝටි 61ක බෝනස් දීලා

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයන්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමට 2022 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි 61කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා.

මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති 2022ක වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාව තුළයි.

මේ අනුව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට රුපියල් කෝටි 07කට ආසන්න මුදලක්ද, වෙනත් විවිධ දීමනා ගෙවීමට රුපියල් කෝටි 54කට වැඩි මුදලක්ද වැය කර ඇතැයි එම වාර්තාවේ සඳහන්.

මේ සම්බන්ධයෙන් විගණන නිලධාරීන්ට කරුණු දක්වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පාලනාධිකාරිය පවසන්නේ ඉහත දීමනා සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලූ බවයි.

ඊට සමගාමීව මුදල් අමාත්‍යාංශයේදී ඉකුත් 2022 වර්ෂයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදී ආයෝජන සංවර්ධන මණ්ඩලයේ දීමනා සහ සේවක ප්‍රතිලාභ ක්‍රම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගත යුතු බව යෝජනා කෙරුණු බවත් සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *