ලෝක බොරතෙල් මිල තවමත් ඩොලර් 85 මට්ටමේ

සතියක් පුරා ඇමරිකානු ඩොලර් 85 ඉක්මවා තිබූ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සති අන්තය වන විටත් සැලකිය යුතු වෙනස් වීමක් පෙන්නුම් කළේ නැහැ.

ඊයේ (23) පස්වරුව වන විට බ්‍රරෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 85.43ක් ලෙස සටහන් වුණා.

ඇමරිකානු ඩබ්ලිව්. ටී .අයි බොරතෙල් මිල ද ඩොලර් 80 සීමාව ඉක්මවා තිබුණා.

මේ වන විට වාර්තා වන්නේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු සටහන් වන ඉහළම බොරතෙල් මිලයි.

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *