යේමනයේ ක්‍රියාත්මක ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් සිය දෙවන මිසයිල ප්‍රහාරයත් එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. දීර්ඝ කාලයක් තිස්සේ මැදපෙරදිග පවතින සෘජු යුද ගැටුම්වලින් බැහැරව සිටි හූති කණ්ඩායම, පසුගිය 28 වැනිදා සිට සිය ප්‍රහාරාත්මක මැදිහත්වීම ආරම්භ කර තිබීම විශේෂත්වයකි.පළමු ප්‍රහාරයෙන් අනතුරුව එල්ල වූ මෙම දෙවන මිසයිල ප්‍රහාරය පිළිබඳව හූති සංවිධානය විසින්ම නිල වශයෙන් තහවුරු කර ඇත. කලාපීය දේශපාලන උණුසුම තීව්ර කරමින් එල්ල වූ මෙම ප්‍රහාර මාලාවත් සමඟ, ඉදිරි කාලය තුළ ඊශ්‍රායලයට එරෙහිව තවත් දරුණු ප්‍රහාර එල්ල කරන බවට එම සන්නද්ධ කණ්ඩායම අනතුරු අඟවා තිබේ.මෙම හදිසි තත්ත්වය හමුවේ මැදපෙරදිග ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසුවන අතර, හූති ප්රහාරයන්ට ඊශ්‍රායලය ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව ලෝක ප්‍රජාවගේ අවධානය යොමුව ඇත. වර්ධනය වන මෙම ගැටුම්කාරී වටපිටාව කලාපීය අස්ථාවරත්වයකට මග පාදනු ඇතැයි විදෙස් විචාරකයෝ මත පළ කරති.























