අධ්‍යයන පොදු සහතික පත්‍ර (අ.පො.ස.) උසස් පෙළ විභාගය හෙට (නොවැම්බර් 10) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,362 කදී ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සියලුම ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත මේ වන විටත් යොමු කර ඇති අතර, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෑම මධ්‍යස්ථානයකම පොලිස් නිලධාරීන් යොදවා ඇත. මෙම විභාගය දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර, සිසුන් 340,525 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇත. විභාග කාලය තුළ ඇති විය හැකි හදිසි අවස්ථා කළමනාකරණය සඳහා විශේෂ වැඩසටහනක් සකස් කර තිබේ. යම් සිදුවීමක් ඇත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංකයට දැනුම් දිය හැකිය. ඊට අමතරව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් ඒකකයේ පිහිටුවා ඇති ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකය 0113 668 026 හෝ 0113 668 032 යන දුරකථන අංක මගින් සම්බන්ධ කර ගත හැක.

























