ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේදී පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා මත්තෙගොඩ, බ්‍රාහ්මණගම, කිරිගම්පමුණුව, දීපංගොඩ, පොලිස්ගස්ඕවිට පාර සහ කුඩමාදූව සිට පුබුදු මාවත දක්වා වූ 342 බස් මාර්ගයේ ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම නතර කෙරෙනු ඇත.මීට අමතරව අද (08) රාත්‍රී 8.00 සිට හෙට උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි හෝමාගම හයිලෙවල් පාර, පිටිපන හන්දිය, ගලගෙදර, මාවතගම සහ පාදුක්ක පාරේ ගොඩගම සිට ලියන්වල පාලම දක්වා ප්රදේශවලටද ජල කප්පාදුවක් සිදුවේ. තවද අතුරුගිරිය පාර, දාම්පේ, මාදුලාව, සෝමරත්න මාවත, ආටිගල, ඇඹුල්ගම, රනාල සහ මොරගහහේන පාර ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකටද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බැවින් ජලය කල්තියා සුරක්ෂිත කරගන්නා ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.





















