හෙද සරසවිය යථාර්ථයක් කිරීමට අගමැතිනියගෙන් විශේෂ උපදෙස්

ශ්‍රී ලංකාවේ හෙද සේවාව උපාධි මට්ටමේ වෘත්තීය ගෞරවයක් දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් යෝජිත ජාතික හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීමේ වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ සමාලෝචනයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්තු 23 වනදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. රජයේ ප්‍රතිපත්තිමය සැලසුම් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ මෙතෙක් ප්‍රගතිය සහ කමිටු සාමාජිකයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය දීර්ඝ වශයෙන් කරුණු විමසා සිටියාය.​විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම යනු හදිසි තීරණ මත පදනම් නොවී ඉතා සැලසුම් සහගතව සිදුකළ යුතු දීර්ඝකාලීන ක්‍රියාවලියක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. පවතින උසස් අධ්‍යාපන ප්‍රමිතීන්ට අනුකූලව මෙන්ම වත්මන් විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දෙන අභියෝග කෙරෙහිද අවධානය යොමු කරමින්, ඉතා විධිමත් අයුරින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ඇය පෙන්වා දුන්නාය.​විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය කේ.එල්. වසන්ත කුමාර මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශවල නිලධාරීන් මෙන්ම සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිත පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. හෙද වෘත්තියේ ගුණාත්මක වර්ධනය වෙනුවෙන් ගනු ලබන මෙම පියවරයන් පිළිබඳව කමිටු සාමාජිකයන් සිය අදහස් හා යෝජනා මෙහිදී ඉදිරිපත් කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,062

Leave A Reply

Your email address will not be published. Required fields are marked *