හෙරොයින් කිලෝ 3ක් සමඟ තායිලන්ත ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු දැලේ

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝ 3යි ග්‍රෑම් 18ක් සමඟ තායිලන්ත ජාතිකයෙකු සහ දේශීය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය අඟහරුවාදා (03) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇති අතර, මුලින්ම කිරිබත්ගොඩ රෝහල් පාරේදී සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් තොගය සමඟ 34 හැවිරිදි කිරිබත්ගොඩ පදිංචිකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇත. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, අදාළ මත්ද්‍රව්‍ය සැපයූ 32 හැවිරිදි තායිලන්ත ජාතිකයා කටුනායක 18 කණුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබූ ජංගම දුරකථනයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔවුන් කිරිබත්ගොඩ පොලිසිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

What's your reaction?

Related Posts

1 of 1,000

Leave A Reply

Your email address will not be published. Required fields are marked *