එළඹෙන හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අට දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර ඇත.මෙම තරගාවලිය නොවැම්බර් 7 සිට 9 දක්වා ටින් ක්‍වොන් රෝඩ් විනෝදාස්වාද පිටියේදී (Tin Kwong Road Recreation Ground) පැවැත්වීමට නියමිතය.සමස්ත ක්‍රීඩකයා වන ලහිරු මධුශංක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබේ.මධුශංක සමඟ සංචිතයට ඇතුළත් අනෙකුත් ක්‍රීඩකයින් මෙසේය:
- ධනංජය ලක්ෂාන්
- තනුක දාබරේ
- නිමේෂ් විමුක්ති
- ලහිරු සමරකෝන්
- තරිඳු රත්නායක
- සචිත ජයතිලක
මොවින් සුබසිංහ කණ්ඩායමේ අතිරේක (standby) ක්‍රීඩකයා ලෙස නම් කර ඇත.
























